දුම්රියේ හොරට ගිය මගීන් 421කට දඩ ගසා ලක්ෂ 13කට වැඩි දඩ ආදා­ය­මක් ලබා ගනියි

2025 වසරේ ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂා­ව­ලින් දුම්රියේ හොරට ගිය හා තුන්වන පන්තියේ ප්‍රවේ­ශ­පත්‍ර ලබා­ගෙන දෙවන පන්තියේ ගමන් කළ මගීන් 421 දෙනෙකු කොටු­කර රුපි­යල් දහ­තුන් ලක්ෂ දහ­දාස් හැටක දඩ ආදා­ය­මක් රජ­යට ලබා­දී­මට දුම්රිය ආර­ක්ෂක හමුදා නිල­ධා­රීන් සමත්වී ඇත.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් අය­ගෙන්, පාසල් දරු දැරි­යන් හා විශ්ව­වි­ද්‍යාල සිසු සිසු­වි­යෝද සිටිති‍. නමුත් පුරු­ද්දක් හැටි­යට කණ්ඩා­යම් වශ­යෙන් හොරට ගමන් කළ කාන්තා­වන් 186ක් කොටු­කර ගැනී­මට සමත්වූ බවත් දුම්රිය ආර­ක්ෂක හමුදා නිල­ධා­රීහු පැව­සූහ.

ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂාව ප්‍රධාන, මුහු­දු­බඩ හා පුත්ත­ලම යන මාර්ග­වල ධාව­නය වූ මුතු­කු­මාරි, බංග­දෙ­ණිය, සාග­රිකා, සමු­ද්‍ර­දේවි, රඹු­ක්කන කොටුව යන කාර්යාල දුම්රි­ය­වල දෙවන පන්තියේ සිදු කර තිබිණ.

මීට අම­ත­රව බම්බ­ල­පි­ටිය, කොල්ලු­පි­ටිය, කොම්ප­ඤ්ඤ­වී­දිය, මහ­ලේ­කම්, රත්ම­ලාන ,රාගම හා දෙම­ට­ගොඩ දුම්රිය ස්ථාන­වල සිදු කළ ප්‍රවේ­ශ­පත්‍ර පරී­ක්ෂා­ව­න්හිදී කිසිදු ප්‍රවේ­ශ­ප­ත්‍ර­යක් නොමැ­තිව ගමන් කළ මගීන් කොටු කර ගැනී­මට සමත්වී ඇත.

දුම්රිය ආර­ක්ෂක අධි­කාරි අනුර ප්‍රේම­රත්න මහ­තාගේ උප­දෙස් මත දුම්රිය මූල­ස්ථාන පරී­ක්ෂක සුසිල් ප්‍රේම­ලාල් මහ­තාගේ මෙහෙ­ය­වී­මෙන්, කොටුව මෙහෙ­යුම් ඒක­කයේ කාර්ය­භාර නිල­ධාරී පාලිත පුෂ්ප­කු­මාර මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ කොටුව, මූල­ස්ථා­නය, නීති අංශය, කොළඹ බඩු ගබ­ඩාව, දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී කාර්යා­ලය, පොල්ග­හ­වෙල, රාගම, ප්‍රවා­හන අමා­ත්‍යාං­ශය යන සේවා ස්ථාන­වල නිල­ධා­රීන්ගේ සහ­යෝ­ගය ඇතිව මේ වැට­ලීම් සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *