හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අයත් බව කියන රුපියල් කෝටි 74ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ 300ක (රු. 30,000,000) මුදලක් ළඟ තබාගත් බවට චෝදනා ලැබ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයා, අද (10) දින විශේෂ රහස් ප්‍රකාශයක් කිරීමට සූදානම් බව අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම ව්‍යාපාරිකයා වන ගබ්ඛෙල මොහොට්ටාලගේ නිහාල් සිසිර කුමාර නමැති සැකකරු, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ පෙනී සිටිමින් මෙම ඉල්ලීම සිදු කළේය.