ගෝලීය දූෂණ සංජානන දර්ශකයට (Corruption Perceptions Index) අනුව ශ්‍රී ලංකාව පෙර වසරට සාපේක්ෂව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කරගෙන ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) ආයතනය නිවේදනය කරයි.
එම වාර්තාවට අනුව, මීට පෙර දූෂණ දර්ශකයේ 121 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව 107 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.