තමාට අභියෝග කිරීමට පෙර, ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව, වත්මන් ආණ්ඩුවට ගැටලුවක් වී ඇත්තේ තමා සිරගත කර මැතිවරණයකට යනවා ද, නැතහොත් ‘එළියේ සිටිය දී’ ඡන්දයට යනවාද යන්න බවත්, එම දෙකටම තමන් සූදානම් බවයි අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ගල් අඟුරු වංචාව හා වරායේ බහාලුම් පිට කිරීම සම්බන්ධයෙන් සොයා ගැනීමට නොහැකි වන විට ආණ්ඩුව තමන්ට චෝදනා කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.