පසුගිය වසරේ ඉන්දියානු සංචාරකයින්ගෙන් ලංකාව ඩොලර් මිලියන 500ක වාර්තාගත ආදායමක් ලබයි

2025 වසර තුළ විදේශීය සංචාරකයන් මිලියන 2.3 ක් ලංකාවට පැමිණ තිබෙන අතර, එසේ පැමිණි සංචාරකයන්ගෙන් පන් ලක්ෂ තිස් එක් දහසක් ඉන්දියානුවන් බව සංචාරක සංවර්ධන මණ්ඩලය පවසයි.

ඒ අනුව, 2025 වසරේ දී, වැඩිම සංචාරකයන් පිරිසක් දිවයිනට පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.

ඉන්දියානුවකු සිය සංචාරය අතරතුර ආහාර, ප්‍රවාහන, නවාතැන් සහ අනෙක-ුත් ගනුදෙනු වෙනුවෙන් ඩොලර් ඩොලර් 900 ත් 1100 ත් අතර මුදලක් වැය කරන බව පැවසේ.

ඒ අනුව, 2025 වසරේ දී ඉන්දියානු සංචාරකයන්ගෙන් ලංකාව උපයාගෙන ඇති ආදායම ඩොලර් මිලියන 480 ත් 580 ත් අතර අගයක් ගනී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *