ජනතාව වෙනස් වෙලා,ගෙවල්වලට එන්න කියලා දැන් කන්න දෙනවා – තිස්සකුට්ටිආරච්චි කියයි

සමාජය තුළ හදපු බොරුවයි.. ඉරිසියාවයි.. වෛරයයි.. පැතුරුවේ. ගහලා මරයි කියලා.

ඒත් දැන් ජනතාව ගෙවල්වලට එන්න කියලා කන්න දීලා මරන්නයි හදන්නේ..

කෙටි කාලයක් තුළ සත්‍ය වටහාගත් ජනතාව සම්පූර්ණයෙන්ම වෙනස් වී ඇත…

ගෙවල්වල ඇවිදිනකොට මිනිස්සු කියන්නේ කියපු බොරු වලට අපි රැවටුනා….

උනුත් එකයි මුනුත් එකයි කිව්වම.. කයියනායකල හොඳට කරයි කියලත් හිතුනා…

අනික දෙන එක ලොවෙත් නැති වෙන්නම දෙන්න කිව්වම දුන්නේ.
කිව්ව විදිහටම ලොවෙත් නැතිවෙන්න වෙනසක් කරාවි කියලා …

අපරාදේ අපේ දරු පැටවුන්ගේ අනාගතය…
රටට නොනගතේ උදාවෙලා වගේ දැනෙන්නේ….

මොකද කරන්නේ ඔක්කොම එකතුවෙලා එළව ගන්න ක්‍රමයක් නැතිද කියලා අහනවා..

මම නම් කියන්නේ කරගෙන යන්න උදව් කරමු කියලා..

මොකද ජනාධිපතිතුමා මොනවා හරි කරයි…
ඒ ගැන මට පුංචි හරි විශ්වාසයක් තියෙනවා…
මොකද එයා තඹුත්තේගමින් ආපු රන්බණ්ඩේ
මාමගේ පුතා නිසා..

හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව කියා සිටියේ ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *