දෙස් – විදෙස් රාජ්‍ය හා බහු පාර්ශ්වීය ආයතන වෙත ගෙවිය යුතු ණය වාරික හා පොලිය ලෙස 2025 වසරේදී පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 3.9ක (ඩොලර් කෝටි 390) මුදලක් ගෙවා ඇතැයි කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
වසර 2022 අප්‍රේල් 12 වැනිදා ශ්‍රී ලංකාව දෙස් – විදෙස් ණය ගෙවීමට නොහැකි රටක් බවට ප්‍රකාශයට පත් කළ ද අත්‍යවශ්‍ය ණය වාරික හා පොලී ගෙවීම් කොටසක් අඛණ්ඩව ගෙවීමට ක්‍රියාකොට තිබිණි.
එය ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට හිමිව තිබූ ණය ආපසු ගෙවීම පිළිබඳව කීර්තිය ඉහළ නැංවීමට හේතුවක් වී තිබේ.
එම කීර්තිය අඛණ්ඩව පවත්වාගෙන යමින් වත්මන් රජය ද වසර 2024 සිට අඛණ්ඩව ගෙවිය යුතු ණය වාරික හා පොලී මුදල් ගෙවීම සිදු කොට ඇත. එහි එක් පියවරක් ලෙස වසර 2025දී ඩොලර් බිලියන 3.9ක මුදලක් ගෙවූ බව අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අනාවරණය කළේය.