රාජපක්ෂවරුන් විසින් සාමකාමී අරගලයට පහරදීම හේතුවෙන්, ඉන්පසුව ඇති වූ තත්ත්වය හටගත් බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.
ඒ අනුව, අරලියගහ මන්දිරයට පිරිස් ගෙනැවිත්, පොලු මුගුරු ලබා දී, සාමකාමීව ගෙන ගිය අරගලයකට පහර දීමට කටයුතු කළේ ජනතා විමුක්ති පෙරමුණ යැයි කවුරුන් හෝ ප්‍රකාශ කරනවා නම්, ඔහුගේ මොළය පරීක්ෂා කළ යුතු බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ.
වැරදිකරුවන් කවුරුන් හෝ සිටිනවා නම්, අධිකරණවලින් ඒ සඳහා අදාළ තීරණ ලබාදෙනු ඇති බව ද, එම තීරණ පිළිබඳ සෑහීමකට පත් වීමට නොහැකි නම්, අධිකරණය මගින්ම ආපසු අභියාචනා කළ හැකි බව ද අමාත්‍ය වසන්ත සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.