ඉන්දියාවට යවන බඩු ලංකාවේ නිපදවන්න ජපානය සූදානම් – ජපානය සමග ගිවිසුමක් අත්සන් කරන්න යයි

ලංකාව උපායමාර්ගික අපනයන අභිමුඛ ආර්ථික කොරිඩෝවක් ලෙස පරිවර්තනය කරමින්, දකුණු ආසියානු සහ කලාපීය වෙළෙඳපොළවල් සමඟ බද්ධ කිරීමේ වැඩපිළිවෙළක් ජපානයේ පූර්ණ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වේ.

දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ආර්ථික ප්‍රතිපත්ති සංවාදය පිළිබඳ සහයෝගිතා ගිවිසුමකට (MoU) එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම ගිවිසුම 2026 පෙබරවාරි 16 වනදා අත්සන් කිරීමට නියමිත බව වාර්තා වේ.

ජපානය විසින් ඉදිරිපත් කරන ලද මෙම සංකල්පය හරහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර තාක්ෂණය සහ ආයෝජන බාධාවකින් තොරව හුවමාරු වන “උපායමාර්ගික මාවතක්” නිර්මාණය වේ. මෙහි ප්‍රධාන අරමුණු වන්නේ:

  • ජපාන ආයෝජන: ජපාන සමාගම් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදන කටයුතු සිදු කිරීම.
  • ඉන්දීය වෙළෙඳපොළ ඉලක්ක කිරීම: ශ්‍රී ලංකාවේ නිපදවන භාණ්ඩ ඉන්දියාවට සහ අනෙකුත් රටවලට අපනයනය කිරීම.
  • ඉලක්කගත නිෂ්පාදන: විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික උපාංග, ඛනිජ සම්පත් සහ කෘෂිකාර්මික නිෂ්පාදන මෙහිදී ප්‍රමුඛත්වය ගනී.

අපේක්ෂිත ප්‍රතිලාභ

පර්යේෂණ වාර්තාවලට අනුව, මෙම ආර්ථික කොරිඩෝව සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) 9.3% කින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *