ඉති­හා­සයේ ප්‍රථම වතා­වට ලංගම තන­තුරු සුදු­සු­ක­ම්ව­ලට – සේවකයින් අන්තර්ග්‍රහණය කිරීම අරඹයි

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩල සේවා ඉති­හා­සයේ ප්‍රථම වතා­වට සුදු­සු­කම් හා පළ­පු­රුද්ද මත තන­තුරු සඳහා සේවක අන්ත­ර්ග්‍ර­හ­ණය වෙනු­වෙන් සම්මුඛ පරී­ක්ෂණ පැවැ­ත්වීම ඊයේ (16) සිට ක්‍රියා­ත්මක බව ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලය පව­සයි.

ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති තන­තුර හැර ප්‍රධාන විධා­යක නිල­ධාරි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා සේවක අන්ත­ර්ග්‍ර­හණ කිරීම් මේ අනුව ඊයේ සිට බල­පැ­වැ­ත්වෙන පරිදි ක්‍රියා­ත්මක කර ඇත. ශ්‍රීලං.ග.ම. ඉති­හා­සයේ ප්‍රථම වතා­වට සුදු­සු­කම් හා පළ­පු­රුද්ද මත සියලු තන­තුරු සඳහා සේවක අන්ත­ර්ග්‍ර­හණ ක්‍රියා­ව­ලිය විධි­මත්ව සිදු කිරීම මේ යටතේ සිදු­කෙරේ.

ශ්‍රේණි 01 සිට 05 දක්වා තන­තුරු සඳහා ඊයේ සිට දින තුනක කාල­යක් මෙම අන්ත­ර්ග්‍ර­හණ කට­යුතු සිදු­කෙ­රෙන අතර, දිව­යිනේ සිය­ලුම ලංගම ප්‍රාදේ­ශීය කාර්යාල මඟින් ශ්‍රේණි 05 සිට ශ්‍රේණි 10 දක්වා ඉහ­ළට සේවක අන්ත­ර්ග්‍ර­හණ කට­යුතු සිදු­කෙ­රෙනු ඇත.

පසු­ගිය දශක ගණ­නා­වක් පුරා­වට දේශ­පා­ලන බල­පෑ­මෙන් හා දේශ­පා­ලන හිත­ව­ත්කම් මත සිදු­කළ බඳවා ගැනීම් සහ උස­ස්වීම් ලබා­දීම් හේතු කොට­ගෙන අවි­ධි­මත් බඳවා ගැනීමේ ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වූ අතර, මේ හේතු­වෙන් අකා­ර්ය­ක්ෂම පරි­පා­ල­න­යක් ගොඩනැ‍ඟී පැවැ­තිණ. 24,000කට අධික සේවක පිරි­සක් පසු­ගිය රජ­ය­න්වල ග්‍රහ­ණ­යට පත්වී විවිධ අනු­චිත රාජ­කා­රි­වල යෙද­වීම බහු­ලව සිදු­විණි.

ලංග­මයේ පැවැ­ත්මට හා ප්‍රග­ම­ණ­යට එම තත්ත්වය ඉතා අහි­ත­කර ලෙස බලපෑ අතර, සුදු­සු­කම්, පළ­පු­රුද්ද සහ වෘත්තීය කුස­ලතා නොස­ලකා සිදු­කළ බඳවා ගැනීම්, උස­ස්වීම් ලංග­මයේ පරි­හා­නි­යට හේතු වූ අතර නව රජය බල­යට පත්වී­මත් සමඟ පොදු ප්‍රවා­හ­නයේ කාර්ය­ක්ෂ­ම­තාව නැංවී­මට සාධ­නීය පිය­වර රැසක් ගනු ලැබීය. පොදු ප්‍රවා­හ­නයේ රාජ්‍ය අංශයේ වැඩිම දාය­ක­ත්වය ලබා­දෙන ලංගම ප්‍රති­සං­වි­ධාන කිරීමේ ජාතික වැඩ­පි­ළි­වෙළ යටතේ නව ප්‍රති­සං­ස්ක­රණ හඳු­න්වා­දීමේ තවත් එක් තිර­සර පිය­ව­රක් ලෙස මෙම සේවක අන්ත­ර්ග්‍ර­හණ ක්‍රියා­ව­ලිය විනි­වි­ද­භා­ව­යෙන් යුතුව ක්‍රියා­ත්මක කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *