ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් දැන් ඉන්නවා – ආර්ථිකය දැන් ස්ථාවරයි – IMF ප්‍රධානී කියයි

ඉතාම කෙටිකාලයකදී ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් අත්කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය පවසන්නීය. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා – “ඇත්තටම ගෙවුණු දශකය තුළ ශ්‍රී ලංකාවට අභියෝග රැසකට මුහුණදීමට සිදුවුණා දැන් රටට උදාවී ඇත්තේ විශිෂ්ට අවස්ථාවක් පළමු වතාවට ජනතාවගේ විශ්වාසය දිනාගත් රජයක් ඉන්නවා. ඒ විශ්වාසය තමන් වෙත ලබාගන්න රජය තමන්ගේ කොටස කරමින් ඉන්නවා. මම මගේ අත්දැකීමෙන් කියන්නම්. අංක එක තමයි, ඉතාම කෙටිකාලයක් තුළ සාර්ව ආර්ථික සහ මූල්‍ය ස්ථාවරතාව ඇතිකරගැනීමට සමත්වුණා. උද්ධමනය 70%ක්ව පැවතියා දැන් එය 2%ක්. ආර්ථික වර්ධනය සෘණ අගයක තිබුණේ දැන් එය 5%ක් ජනාධිපතිතුමන්ට සහ රජයේ සාමාජිකයින්ට ජනතාවගේ සුබසිද්ධිය ගැන සැබෑ උනන්දුවක් තියෙනවා. සාර්ථකත්වය ළඟා වෙන්නේ රටක් එකමුතු වුණහම. එය ළඟා කරගන්න රජය දැඩි උත්සාහයක් දරමින් සිටිනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *