වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලා ඉලක්ක කරගනිමින් දියත් වන අපහාසාත්මක ප්‍රචාරයන් දැඩි ලෙස විවේචනය කරමින් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අදහස් දක්වා සිටියහ. උන්වහන්සේ අවධාරණය කළේ තමන් කාන්තාවන් 45,000ක් ආශ්‍රය කරන බවත්, හැකි නම් ඉන් එක් අයෙකු සමඟ හෝ ගත් ඡායාරූපයක් ඉදිරිපත් කරන ලෙස තමන් අභියෝග කරන බවත්ය.
සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන මඩ ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, පොහොට්ටුවේ කාන්තා සංවිධානයේ සභාපතිනිය සමඟ ගත් ඡායාරූප පවා වැරදි ලෙස අර්ථකථනය කරමින් ප්‍රචාරය කරන බවයි.
සමාජ මාධ්‍ය හරහා තමන්ට එල්ල වන මඩ ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ, පොහොට්ටුවේ කාන්තා සංවිධානයේ සභාපතිනිය සමඟ ගත් ඡායාරූප පවා වැරදි ලෙස අර්ථකථනය කරමින් ප්‍රචාරය කරන බවයි.
සමාජ මාධ්‍ය තුළ සිවුරු පොරවාගත් ඇතැම් පිරිස් පවා උදේ සිට රෑ වන තුරු භික්ෂූන් වහන්සේලාට අපහාස කරන බවත්, මෙලෙස භික්ෂූන් වහන්සේලාට බිය වන්නේ ඇයිදැයි උන්වහන්සේ ප්‍රශ්න කළහ. රටේ ඇති වන ආගමික සහ සංස්කෘතික සෝදාපාලුව හමුවේ මෙවැනි බලපෑම් වැඩි වෙමින් පවතින බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.