ජනපති අනුරට 70% ක ජන ප්‍රසා­ද­යක් – සමාජ විද්‍යා­ඥ­යන්ගේ සංග­මයේ සමී­ක්ෂණ වාර්තා­ව­ කියයි

දිට්වා ආප­දා­වෙන් පසු­වත් ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් 70%ක ජන ප්‍රසා­ද­යක් ඇතැයි සමාජ විද්‍යා­ඥ­යන්ගේ සංග­මය එළි­දැක්වූ සමී­ක්ෂණ වාර්තා­වක දැක්වෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේව­සිරි මහතා පැව­සීය.

ඒ මහතා මෙසේ පැව­සුවේ බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමු­ව­කට එක්වෙ­මිනි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැව­සීය.

“සමාජ විද්‍යා­ඥ­යන්ගේ සංග­මය මඟින්, බලා­පො­රොත්තු නොවුණු විදි­යට ආණ්ඩුව සම්බ­න්ධ­යෙන් සාධ­නීය සමී­ක්ෂණ වාර්තා­වක් එළි­දක්වා තිබෙ­නවා.

ඒ සංග­මය දිට්වා කුණා­ටු­වෙන් පස්සෙ ජන හැසි­රීම සම්බ­න්ධව, ජනා­ධි­ප­ති­තුමා සහ දේශ­පා­ල­න­ඥ­යන් සම්බ­න්ධ­වයි මේ මත විම­සුම කරලා තිබුණේ. වෙරිටේ රිසර්ච් සමී­ක්ෂ­ණ­යෙන් පෙන්වා දුන්න ආකා­ර­ය­ටම මේ සමී­ක්ෂ­ණ­යෙ­නුත් පෙනී යන්නේ ආණ්ඩු­වට ජන­තා­වගේ ති‍ෙයන ප්‍රති­චා­රය අඩු­වෙලා නැති බවයි.

ඒකෙදි ජනා­ධි­ප­ති­තු­මාට සම­ස්ත­යක් ලෙස 70.7% ප්‍රති­චා­ර­යක් ලැබිලා තිබුණා. රජයේ දේශ­පා­ල­ක­යන්ට ලැබිලා තිබුණේ 45.75%ක ප්‍රසා­ද­යක්. විප­ක්ෂ­යට තිබුණේ 23.6% වගේ ප්‍රසා­ද­යක්. රටේ දේශ­පා­ලන මතය ගැන මෙයින් දළ අද­හ­සක් ගන්න පුළු­වන්.

දකුණු පළාතේ ජනා­ධි­ප­ති­තු­මාට තිබෙන ප්‍රසා­දය33%ක්. ආණ්ඩු පක්ෂයේ දේශ­පා­ල­න­ඥ­යන් සම්බ­න්ධ­යෙන් ප්‍රසා­දය 22%යි. විප­ක්ෂය සම්බ­න්ධව ති‍ෙයන ප්‍රසා­දය 20%ක්.

වැද­ගත්ම දේ උතුරු පළාතේ 86% ජන ප්‍රසා­ද­යක් ජනා­ධි­ප­ති­තු­මාට තියෙ­නවා. නැඟෙ­න­හිර පළාතේ 89%ක ප්‍රසා­ද­යක් ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් තිබෙ­නවා. වයඹ පළාතේ 97% ප්‍රසා­ද­යක් ති‍ෙය­නවා. උතුරේ විප­ක්ෂ­යට 12%ක් හා නැඟෙ­න­හිර විප­ක්ෂ­යට තියෙන්නේ 19%ක ජන ප්‍රසා­ද­යක් පම­ණයි.

පොදුවේ ජනා­ධි­ප­ති­තු­මාට රටේම ප්‍රසා­දය ලැබිලා ති‍ෙය­නවා. පහු­ගිය කාලේ රාජ්‍ය නාය­ක­යාට සිංහල ජන­තාව අතර ඉහළ ප්‍රසා­ද­යක් ති‍ෙය­නවා නම් ඔහුට වෙනත් ජන­තාව අතර තියෙන්නෙ සුළු ප්‍රසා­ද­යක් පම­ණයි. නමුත් මේ අව­ස්ථාවේ එය වෙනස්. රට පුරාම ජනා­ධි­ප­ති­ව­රයා සම්බ­න්ධ­යෙන් එක හා සමාන ජන ප්‍රසා­ද­යක් දක්නට ලැබීම විශේ­ෂ­ත්ව­යක්. මෙය රටේ දේශ­පා­ලන අනා­ග­තය සම්බ­න්ධ­යෙන් ඉතා වැද­ගත් දෙයක්.”

ජන බලය ක්‍රියා­කා­රික කමිටු සාමා­ජික විද­ර්ශන කන්නං­ගර මහතා,

“විසි වැනිදා පැවැ­ත්වෙන මහා සඟ සමු­ළුව භික්‍ෂුන් කිහිප දෙන­කුගේ වුව­ම­නාව මත සිදු වන්නක්. සංඝ සමා­ජ­යට පහර දෙනවා යැයි භික්‍ෂුන් යැයි කියා­ගන්නා කණ්ඩා­ය­මක් කිය­නවා. ජාතික ආර­ක්ෂා­වට ප්‍රශ්න­යක් තියෙ­නවා කිව්වත් මහ­ජ­න­තා­වට මෙයින් ප්‍රශ්න­යක් නැහැ. ජාති­වා­දය, ආග­ම්වා­දය පතු­රු­වපු, දේශ­පා­ලන පසු­බි­මක් තියෙන, බොරු කියන හාමු­දු­රුවෝ සෙට් එකක් තමයි මේ ඊනියා සඟ සමු­ළු­වට එන්නේ. අභ­යා­රා­මය කියන්නේ දෙවැනි මැද­මු­ල­නයි. උග්‍ර ජාති­වා­දීන් ජාති­වා­දය හා ආග­ම්වා­දය උත්සන්න කිරී­මට උත්සාහ කර­නවා. මෙම අව­ස්ථා­වට එක්වූ ජන බලයේ ක්‍රියා­කාරි සාමා­ජික රංගන ආරි­ය­දාස, සුපුන් වික්‍ර­ම­රත්න, කපිල ක්‍රිශාන්ත මහ­ත්වරු ද අද­හස් දැක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *