වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ගත් කැළණි සරසවියේ වයස්ගතම උපාධිධාරිණිය දිවි සැරියට සමුදෙයි

වයස අවුරුදු 97 දී කැළණිය විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ලැබූ  විතානගේ  ලීලා ඇස්ලෙන් ධර්ම රත්න මහත්මිය ඊයේ  (18) අභාවප්‍රාප්ත  වී ඇත.

මිය යන විට ඇයට වයස අවුරුදු 99 ක් වියේ පසුවිය.

ඇය රාගම ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති අතර ඇය  1927 නොවැම්බර් තිස්වන  මිල්ලෑවේදී උපත ලබා ඇත.

ඇය මිල්ලෑව  කනිෂ්ඨ  විද්‍යාලයේදී ප්‍රාථමික හා මිල්ලෑව මහා විද්‍යාලයෙන්  ද්වීතීයික අධ්‍යාපනය ලබා ඇති අතර ඇය සිංහල හා  ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන්ම  අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත.

ඉන්පසු ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරියක් ලෙස සේවය ඇරැඹූ ඇස් ලින් ධර්මරත්න 1940 දශකයේ මුල් භාගයේදී නොතාරිස්වරියක ලෙස සේවය ඇරඹූ  ඇය බද්දේගම  ප්‍රදේශයේ  පළමුවරට නොතාරිස්වරියක් ලෙස සේවය කර ඇත. ඉන්පසුව නිල් දන්ඩාහින්න  ප්‍රදේශයේ නොතාරිස්වරියක් ලෙස ඇය කටයුතු කර ඇති අතර 1961 දී චිත්‍රසෝම ජයලත් නම් වූ නොතාරිස් වරයා සමඟ විවාහ වී නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි ය සඳහා පැමිණ ඇත.

1969  දී ධම්මිකා ජයලත් ,සමුද්‍රා ජයලත්,ඉන්ද්‍රනීලා ජයලත් හා මනෝහාරී ජයලත් නමින්  ඇය දූවරු හතර දෙනෙකු බිහිකර ඇත.

ඉන්පසුව දරුවන් හතර දෙනා ලැබීමෙන් පසු සිය ස්වාමි පුරුෂයා තමන් ඇතුළු දරුවන් සිවු දෙනා තනිකර මෙලොව හැරදා ගියද ඇය ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිය දරුවන්ගේ අධ්‍යාපනය ගොඩනැගීමට කටයුතු කර ඇත.ඊට අමතරව ඇය ඥාතී දියණියක් මෙහෙෂා දිල්රුක්ෂී ජයලත් නමින්  ඇති දැඩි කරනුයේ තමන් තවත් යකඩ ගැහැණියක් බව ලොවට පෙන්වමින් ය.

ආගම දහමට පමණක් නොව සිය ජීවිතයට හා අනෙකුත් ජීවිතවලටද ආදරය කළ ඇය බෞද්ධ හා පාළි ,ත්‍රිපිටකය ආදී පුස්තක බොහෝමයක් වනපොත් කර ඇති උත්තුංග ගණයේ කාන්තාවකි.නාවලපිටිය මහිලා සමිතිය  බිහිකරමින් ,ශ්‍රී කාන්තා කලායතනය ආරම්භ කරමින් සමස්ත සමාජයට මහත් සේවයක් කළ කාන්තාවකි.

ඇයගෙන් උගත් නොතාරිස් වරුන් ද බොහෝමයක්ද සමාජයේ අදවනවිට කටයුතු කරයි.ඊට අමතරව ඇයගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය ලෙසත්, ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක මහාචාර්ය වරියක ලෙස දෙවන දියණියත්,තුන්වන දියණිය උපාධිධාරී ගුරුවරියක ලෙසත් ,සිව්වැනි දියණිය  නීතීඥවරියක හා ලේඛිකාවක  ලෙසත්  ඇය හදාවඩාගත්  දියණිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක ලෙසත්  කටයුතු කරයි.

මිය යනවිට ඇය කැළණිය විශ්ව විද්‍යාලයෙන් වයස අවුරුදු 97 දී පශ්චාත් උපාධිය ලැබූ   කැළණිය විශ්ව විද්‍යාලයේ වයස්ගතම උපාධිදාරිණිය ලෙස අභිසෙස් ලැබූ  කාන්තාවක ලෙස ඉතිහාසගතවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *