රාජපක්ෂ පාලන සමයන්හිදී සිදුවූ ගල්අඟුරු ආනයනයන් පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරමින්, සංජය මහවත්ත මහතා විශේෂ ප්රකාශයක් සිදු කර ඇත.
එහිදී ඔහු අවධාරණය කළේ “නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” යන න්යාය මත පිහිටා එදා රාජපක්ෂ රෙජිමය අත්තනෝමතික ලෙස ගල්අඟුරු ආනයනය කළ බවයි.
ලංකා ඉතිහාසයේ වැඩිම මිලකට ගල්අඟුරු මිලදී ගෙන ඇත්තේ පාඨලී චම්පික රණවක මහතා විෂය භාර අමාත්යවරයාව සිටි සමයේ බව මහවත්ත මහතා පවසයි.
එවකට පැවති පාලනයන් විසින් නිසි ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සහ විනිවිදභාවයකින් තොරව මෙම ගනුදෙනු සිදුකිරීම හරහා ජනතා මුදල් විශාල වශයෙන් නාස්ති වී ඇති බවට ඔහු චෝදනා කරයි.