ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව, ජනතා විමුක්ති පෙරමුණේ මහලේකම්, ටිල්වින් සිල්වා මහතා පසුගිය දා එරට සංචාරයක නිරත විය.
සංචාරය නිමවා යළි දිවයිනට පැමිණ සිටින ටිල්වින් සිල්වා මහතා සමග සන්ඩේ ටයිම්ස් පුවත්පත සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ.
එම සම්මුඛ සාකච්ඡාවේ දී ඔවුන්ගේ රටට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කර ගැනීම සදහා, ලංකාවට ඉන්දියාවෙන් යම් පීඩනයක් එල්ල වන්නේ දැයි ටිල්වින් සිල්වා මහතාගෙන් විමසා තිබුණි.
එම පැනයට පිළිත-ුරු දෙමින් ටිල්වින් සිල්වා මහතා පවසා ඇත්තේ එවැනි කිසිදු පීඩනයක් ඉන්දියාවෙන් එල්ල නොවන බවයි.
උදාහරණයක් ලෙස, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ අමූල් සමුපකාර ව්‍යාපාරය සමග අත්සන් කළ ගිවිසුම ඉදිරියට ගෙන යා නොහැකි බව සිය රජයට ඉන්දියාවට දැනුම් දුන් බවත්, ඔවුන් එය භාරගත් බවත් ඔහු පවසයි.
ඉන්දියාවේ අමූල් සමුපකාර ජාලයට 51%-52% අතර කොටස් හිමිවන ලෙස මිල්කෝ සමාගම සහ අමූල් සමුපකාර ජාලය අතර අනූ නම අවුරුදු කල්බදු ගිවිසුමකට එළඹීමට රනිල් වික්‍රමසිංහ රජය ඉන්දියාව සමග ගිවිසුම්ගත විය.