ආණ්ඩුව ගල් අඟුරුවලින් පට්ට හොරකමක් කරලා – විමල් වීරවංශ කියයි

බාල ගල් අඟුරු ගනුදෙනුව නිසා රුපියල් කෝටි 767 පාඩුවක් සිදුව තිබෙන බව පාර්ලිමෙන්තුවට විදුලිබල මණ්ඩලය පෙන්වා දී තිබුණත් ඊට වඩා වැඩි පාඩුවක් රටට සිදුවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසයි.

විදුලිබල මණ්ඩලය විසින් පෙන්වා දී තිබෙන පාඩුව ගණනය කර තිබෙන්නේ බාල ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීමේදී ඇති වන පාඩුව බව ත් එහෙත් බාල ගල් අඟුරු නිසා පරිසරයට සිදුවන හානියට අදාළ පාඩුව, නියමිත ප්‍රමාණයට වඩා අළු පරිසරයට එකතුවීමෙන් සිදුවන පාඩුව, නොරොච්චෝල අවට ප්‍රදේශවලට සිදුවන බලපෑම් හෝ බලාගාරයට අනාගතයේ සිදු විය හැකි බලපෑම් හෝ විදුලි කප්පාදුවකට ගියහොත් ඉන් සිදුවන පාඩුව ගණනය කර නොමැති බව ඔහු සඳහන් කළේය.

ආන්දෝලනයට තුඩු දී තිබෙන මෙම සිද්ධිය ආණ්ඩුවට කට උත්තර නැති වී තිබෙන බව ත් මෙය  මෑත ඉතිහාසයේ සිදුවන ලොකු ම වංචාව හා හානිය සිදුකිරීමට නියමිත සිද්ධිය බව ද පක්ෂ නායකවරයා කියා සිටියේය.

 මේ අනුව දැනට ප්‍රකාශ කරන පාඩුවට වඩා තුන් හතර ගුණයක පාඩුවක් රටට සිදුවන බව ත් මේ වන විට ගල් අඟුරු නැව් අටක් මෙරටට ගෙන්වා තිබෙන බව ත් ඔහු පැවසීය.

ඔහු තවදුරටත් සඳහන් කළේ, පළමු වරට ගෙන් වූ  බාල ගල් අඟුරු නැව් හතරට වඩා දෙවන අවස්ථාවේදී ගෙන් වූ ගල් අඟුරු බාල බවට හෙළි වී තිබෙන බව ය.

ගල් අඟුරු නැව් හතරකට අදාළව සිදු කළ දඩ ගැසීමෙන් පසු පාඩුව රුපියල් බිලියන දෙකක් බවට හෙළිවන බව ත් පළමු දෙවන නැව් පැමිණෙන විට ගල් අඟුරු බාල බවට හෙළිවන බව ත් පක්ෂ නායකවරයා පවසා සිටියේය.

එම අවස්ථාවේදීවත් අදාළ සමාගමෙන් ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු ගෙන්වන ලෙස ඉල්ලීමක් සිදුනොකළ බව ත් මේ අනුව පහේ සිට අට දක්වා නැව්වලින්ගෙන් වූ ගල් අඟුරු  මුල් අවස්ථා හතරේදී පැමිණි ගල් අඟුරුවලට වඩා  ප්‍රමිතියෙන් තොර වූ බව ත් ඔහු පැවසීය.

09 වන ගල්අඟුරු නැවත ගොඩබාමින් තිබෙන බව ත් තවත් නැව් 15 පැමිණීමට නියමිත බව ත් බාල ගල් අඟුරු  නිසා බලාගාරයට හානි සිදුවුවහොත් බලාගාරය සකස් කර ගැනීමට මාස 06කට වැඩි කාලයක් ගත වන බව විමල් විරවංශ සඳහන් කළේ ය.

ඊයේ (පෙබ. 22) පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ පක්ෂ නායකවරයා මෙසේද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *