මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටස ඉදිකිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් කැඳවා ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය නිවේදනය කරයි.
2027 වසර ආරම්භයේදී මීරිගම සිට රඹුක්කන දක්වා වූ මාර්ගය ජනතා අයිතියට පත් කළ හැකි බවද පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටස කඩිනමින් ඉදිකොට අවසන් කිරීමට නියමිත බවද එහි සඳහන් වේ.
වසර 2015 දී ආරම්භ කළ මධ්‍යම අධිවේගී මාර්ගය අතරමග නතර කර දමා තිබුණ ද යළි 2025 සැප්තැම්බර් මාසයේ සිට එහි තුන්වන අදියර යටතේ පොතුහැර සිට රඹුක්කන දක්වා වූ කොටස කඩිනමින් ඉදිකරමින් පවතියි. එහි වත්මන් භෞතික ප්‍රගතිය සියයට හැත්තෑ තුනකි. එම මාර්ගයේ පාලම් සියල්ල මේ වන විට ඉදිකොට අවසන් කර ඇති අතර අන්තර් හුවමාරු ඉදිකිරීම් ආරම්භ කර ඇති බව ද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.