පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන සැකකරුවන් සමග හිතවත්වී සබඳතා පවත්වාගෙන යන බන්ධනාගාර නිලධාරීන් පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන්ගේ දැඩි අවධානය යොමුකර තිබේ.
මෙම සැකකරුවන්ගෙන් පොලිසිය නීති ප්‍රකාරව ප්‍රශ්න කිරීමේදී වැදගත් තොරතුරු අනාවරණයවීම වැළැක්වීම සඳහා ඇතැම් බන්ධනාගාර නියාමකයන් විවිධ උපක්‍රම යෙදවීමට ක්‍රියාකිරීමට ඉඩ තිබෙන බවද පොලිසිය කියයි.
ඇතැම් පාතාල අපරාධකරුවන්ට දුරකථන පහසුකම් මෙන්ම කෑමබීම් පහසුකම් ලබාදෙන බන්ධනාගාර නියාමකයන් කීපදෙනෙකු පිළිබඳව මීට පෙර තොරතුරු අනාවරණය වී තිබුණි.
කෙසේ වෙතත් රිමාන්ඩ් භාරයේ පසුවෙන පාතාල අපරාධකරුවන් පිළිබඳව ද පොලිස් සහ බන්ධනාගාර බුද්ධි අංශ දැඩි අවධානය යොමුකර තිබේ.