කළාට වඩා ලොකුවට තවත් සඝ සමුළුවක් අපි ඉක්මණටම ආපහු කරන්න ඉන්නේ – මුරුත්තෙට්ටුවේ හිමි කියයි

ඉදිරි දිනවලදී මීටත් වඩා දැවැන්ත මහා සංඝ සමුළුවක් සංවිධානය කිරීමට කටයුතු යොදන බව අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

මීට පෙර පැවැත්වූවාට වඩා ඉතා උත්කර්ෂවත් සහ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් සමුළුවක් නුදුරේදීම පවත්වන බව උන්වහන්සේ සඳහන් කළහ.

මහා සංඝරත්නය එකතු වී පවත්වන සමුළු පිළිබඳව සෙවීමට ලාල්කාන්ත මහතාට ඒ පිළිබඳව සෙවීම නතර කරන ලෙසත් උන්වහන්සේ අවධාරණය කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *