CIDයේදී කමාන්ඩෝ සලින්ත මහේස්ත්‍රාත් හමුවේ හඩා වැටෙයි

සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සලින්ත මදුෂාන් පෙරේරා හෙවත් “කමාන්ඩෝ සලින්ත” කොටුව මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී හඬා වැටුණු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි. ඒ මහෙස්ත්‍රාත්වරයා පසුගිය දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සැකකරුවන් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදීය.

තමන්ට නිසි පරිදි ආහාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොලැබෙන බවත් තමන්ගේ සුවදුක් විමසීමට සතියකට වරක් තම ඥාතීන් අනුරාධපුරයේ සිට පැමිණෙන බවත් එහිදී ඔවුන් විසින් සකසාගෙන එනු ලබන ආහාර නිසිවේලාවට තමන්ට නොලැබෙන බවත් කමාන්ඩෝ සලින්ත එහිදී හඬා වැටෙමින් පවසා ඇත.

එම ආහාර තමන්ට ලැබෙනා විට ඒවා පිළුණු වී තිබීම හේතුවෙන් ආහාරයට ගැනීමට නොහැකි වන බවත් තමන්ට ළඟ තබාගෙන ආහාරයට ගැනීම සඳහා කිසිවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලබානොදෙන බවත් පවසමින් ඔහු හඬාවැටී ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

කොමාන්ඩෝ සලින්ත පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මෙරටට රැගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවනු ලැබීය.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *