මෙම වසර තුළ QR ගෙවීමේ පහසුකම ලබා දීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පවසනවා.
කිසිදු අමතර අය කිරීමකින් තොරව ඒ සඳහා පහසුකම් සැලසීමට බැංකු විසින් එකඟ වී ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඒ අනුව, ඒ තුළින් පාර අයිනේ ඇති කුඩා කඩයකට වුව ද මුදල් වෙනුවට QR පහසුකම හරහා ගෙවීමට අවස්ථාව ලැබෙන බවයි අද (25) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.