සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තේ පාස්කු ප්‍රහාරය ගැන අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

අද උදෑසන 7.50ට පෑලියගොඩ පොලිස් වසමේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ තුවාන් සුරේෂ් සලේ අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගැනිමට හේතුව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කරනු ලබන විමර්ශනවලට සමගාමීව අනාවරණය වී ඇති පැහැදිලි සාක්ෂි මත අද දින මෙම සැකකරු අත්අඩංගුවට අරගෙන තියෙනවා.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදිරි විමර්ශන කටයුතු සදහා යොමු කරනවා. ඒ පිළිබද විමර්ශන නිලධාරින් ගනු ලබන පියවර සම්බන්ධයෙන් මාධ්‍ය විවිධ ආකාරයෙන් දැනුවත් කිරිමට ඉදිරියේදී කටයුතු කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *