එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර වලින් ශ්‍රි ලාංකිකයෙක් තුවාල ලබයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ ගුවන් ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරවලින් විදේශිකයන් 58 දෙනෙකුට සුළු තුවාල සිදුව ඇති අතර, ඒ අතර මෙම ශ්‍රී ලාංකිකයා ද සිටින බව තහවුරු වී ඇත.

කලාපයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ විදේශ කටයුතු අමාත්‍යාංශය මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන් සඳහා විශේෂ ආරක්ෂිත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

හදිසි සහාය සඳහා සම්බන්ධ කරගත හැකි අංක

යම් අවශ්‍යතාවයක් හෝ හදිසි තත්ත්වයක් මතු වුවහොත් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත අංක ඔස්සේ තොරතුරු දැනුම් දෙන ලෙස ශ්‍රමිකයන්ගෙන් සහ ඔවුන්ගේ ඥාතීන්ගෙන් ඉල්ලා සිටී:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *