ඊයේ ඉරිදා දිනයේ දී වගේම අද පෝය දිනයේදීත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු කරන බව පෞද්ගලික ඉන්ධන බවුසර් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
එම සංගමයේ ලේකම්, ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසන්නේ, ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කිසිදු බාධාවකින් තොරව අඛණ්ඩව සිදුකරමින් පවතින බැවින්, ඉන්ධන හිගයක් පිළිබදව කිසිදු බියක් ඇතිකර ගැනීමට හේතුවක් නැති බවයි.