ඉරානයේ තෙල් නැති වුණා කියලා ලංකාවේ ඉන්ධන හිගයක් එන්නේ නෑ – හිටපු ජනාධිපති රනිල් කියයි

ඉරානයෙහි තෙල් නොලැබුණා කියා ලංකාවට ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඉරානයට වඩා සෙසු රටවලින් ලංකාව තෙල් ලබා ගන්නා බව කී රනිල් වික්‍රමසිංහ මහතා ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැවි වලට බෝම්බ දමා නැව් නතර කළහොත් නම් ප්‍රශ්නයක් ඇතිවන බව සඳහන් කළේය.

නමුත් දැනට එවැනි දෙයක් සිදුවී නැතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් සමඟ පැවති හමුවකදීය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *