ෂම්මි යෝජනා කරයි – ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරයට නැවතත් ජේ ෂා පත් වෙයි

අඛණ්ඩව තුන්වන වරටත්, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සදහා ජේ ෂා මහතා පත්ව තිබේ.

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය සදහා ජේ. ෂා ගේ නම යෝජනා කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා විසිනි.

ෂම්මි සිල්වා විසින් යෝජනා කරන ලද නම, සියළුම සාමාජිකයන් විසින් ඒකමතිකව ස්ථිර කර තිබේ.

බාලී හි පවත්වන දල ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික සමුළුවේ දී මෙම තෝරා ගැනීම සිදුකර තිබෙන අතර, ඒ අනුව, තවත් වසර දෙකකට, ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධූරය ජේ ෂාට හිමි වේ.

ජේ.ෂා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ ලේකම්වරයා ද වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *