තෙල් පෝලිම් අදින් අවසන් – තෙල් සැපයුම යථා තත්වයට පත් කරා – ඛණිජ තෙල් සංස්ථාව කියයි

රටේ තෙල් සැපයුම යථා තත්ත්වයට පත් කර තිබෙන බව  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.ඒ.එස්. ද එස්. රාජකරුණා මහතා අද(3) උදෑසන මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් පැවසීය.

සමහර තැන්වල අඩු වැඩි වශයෙන් තෙල් වල අඩුපාඩුකම් තිබෙන නමුත් ඇති තරම් ඉන්ධන තොග නිකුත් කර තිබෙන බැවින් ජනතාව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැතැයි රාජකරුණා මහතා කීය.

“අද දිනයේ පෙරවරු හයට බෙදාහැරීම් ආරම්භ කළා.

අද දහවල් වන විට කිසිම පිරවුම් හලක ඉන්ධන හිඟයක් හෝ පෝලිමක් ඇතිවෙන්න හේතුවක් නැහැ.තෙල් ඒකරාශී කිරීමෙන් තොරව සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වාගෙන යන ලෙස ජනතාවට මතක් කරන්න කැමතියි යනුවෙන්ද සභාපතිවරයා කී⁣ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *