පොහොට්ටුව ඊළග මැතිවරණයෙන් ආණ්ඩු බලය ගන්නවා – සංජීව එදිරිමාන්න

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ තෙල් අර්බුදයක් හටගත්තේ කොවිඩ් ව්‍යසනය හේතුවෙන් විදේශ සංචිත හිඟ වී, තෙල් වෙළෙඳපොළ සම්බන්ධව යම් ප්‍රශ්නයක් ඇතිවේවි යන උපකල්පනය මත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.

ඒ අනුව, එහිදී තෙල් හිඟයට පෙර අර්බුදය මතු වූ බවයි අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකට එකතු කර ගනිමින් ජාතිකවාදී කඳවුරක් නිර්මාණය කරන බවත්, එම කඳවුර ඊළඟ ඡන්දයෙන් මේ රටේ ආණ්ඩු බලය ලබා ගන්නා බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *