එක්සත් අරාබී එමීර් වෙත ඕනෑම ආකාරයකින් සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම් – ජනපති අනුර දැනුම් දෙයි

එක්සත් අරාබි ඒමිර් රාජ්‍යයේ සිදුවූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් වෙත දුරකථන ඇමතුමක් ලබාදී ඇත.

එහිදී, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෑතකදී සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කනගාටුව ප්‍රකාශ කර තිබේ.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදය හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයට ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා ඇත.

ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව සිටින බවත් හැකි ඕනෑම ආකාරයකින් සහාය වීමට සූදානම් බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *