තවත් ඉරාන නෞකාවක් පානදුර මුහුදේ – ළමුන් 300කට ආහාර ඉල්ලා වරායට ඇතුළු වීමට අවසර ඉල්ලයි

ලංකාවේ අනන්‍ය ආර්ථික කලාපයට අයත් පානදුර මුහුදු සීමාව ආසන්නයේ රැඳී සිටින ඉරාන නෞකාවක්, මානුෂීය පදනම මත මෙරට වරායක් වෙත ඇතුළු වීමට අවසර ඉල්ලා තිබේ.

අදාළ නෞකාවේ ළමුන් 300කට ආසන්න පිරිසක් සිටින බවත්, ඔවුන් දැඩි ආහාර සහ පානීය ජල හිඟයකට මුහුණ දී ඇති බවත් වාර්තා වේ. පවතින මෙම හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන, පැය 24ක කාලයක් සඳහා මෙරට වරායක නැංගුරම් ලෑමට අවසර ලබා දෙන ලෙස එම නෞකාවේ බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් සහ නාවික හමුදාවෙන් ඉල්ලීමක් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *