වත්මන් කලාපීය නොසන්සුන්තාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අමෙරිකා එක්සත් ජනපදයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර ඇත.
එහිදී මන්ත්රීවරයා අවධාරණය කළේ පවතින යුදමය වාතාවරණය වහාම නතර කිරීමට අමෙරිකාව පියවර ගත යුතු බවයි. මෙම ගැටුම්කාරී තත්ත්වය ආරම්භ කළේ ඉරානය නොවන බවත්, එහි වගකීම අමෙරිකාව සතු බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි අමෙරිකාවට කියන්නේ යුද්ධය වහාම නතර කරන්න කියලා. ඉරානය නෙවෙයි මේ යුද්ධය පටන් ගත්තේ, අමෙරිකාවයි පටන් ගත්තේ,” යනුවෙන් මන්ත්රීවරයා සිය ප්රකාශය මගින් පෙන්වා දුන්නේය.