බලශක්ති ඇමතිට එරෙහිව අල්ලස් කොමිසම අධිචෝදනා ගොනු කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්, වත්මන් රජයේ අමාත්‍යවරයකු වන කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා.

2016 වසරේ පොහොර සමාගමේ සේවය කරමින් සිටියදී පෞද්ගලික සමාගමකට වාසියක් සැලසෙන ආකාරයට ප්‍රසම්පාදන කටයුතු සිදු කිරීම තුළින් “දූෂණය” නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම ක්‍රියාව හරහා රජයට සිදු වූ පාඩුව වෙනුවෙන් දූෂණ විරෝධී පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම චෝදනා ගොනු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *