මෙවර මැයි දින සැමරුම වෙනුවෙන් කිසිදු පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කර තිබේ.
පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම තීරණය ගෙන ඇති අතර, එදිනට මැයි පෙළපාලි වෙනුවට ආගමික වතාවත්වලට මුල්තැන දීමට පක්ෂය සූදානම් වේ.
මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ මෙවර මැයි මස පළමුවැනිදා පෝය දිනයක් වීමයි.
ඒ අනුව, එදින ඝෝෂාකාරී පෙළපාලි පැවැත්වීම වෙනුවට දිවයින පුරා පිහිටි සෑම ප්‍රදේශීය සභා බලප්‍රදේශයකම බෝධි පූජා පිංකම් සංවිධානය කිරීමට පක්ෂය තීරණය කර ඇත.
එමගින් සමස්ත කම්කරු ජනතාවට ආශිර්වාද කිරීම සහ සෙත් පැතීම ඔවුන්ගේ මූලික අරමුණ වී තිබේ.