මම දරුවෝ කිව්වේ නැවේ හිටපු කැඩෙට් නිළධාරීන්ට – අජිත් පී.පෙරේරා

ඉරාන නෞකාවක සිටින පිරිස සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා අද විශේෂ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ඊයේ දිනයේදී තමන් සිදුකළ ප්‍රකාශය වැරදි ලෙස අර්ථකථනය වී ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, එහිදී තමන් “දරුවන්” ලෙස හැඳින්වූයේ කුඩා දරුවන් නොවන බව අවධාරණය කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය:

“ඊයේ මම කිව්වා, අපේ රටට ආසන්නයේ 300කට ආසන්න ප්‍රමාණයක් දරුවෝ, අපේ පිහිට පතාගෙන නැවක ඉන්නවා කියලා.. මම කිව්වේ ඒගොල්ලෝ කැඩෙට්සිස්ලා (Cadets).. මම කිව්වේ නෑ අවුරුදු පහේ හයේ අත දරුවෝ කියලා.. ඒ දරුවෝ, නාවික ශිෂ්‍යයෝ… ඒ හැමෝගෙම දරුවෝ! ඒගොල්ලන්ට මනුෂ්‍යත්වයෙන් සලකන්න ඕනේ!”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *