අපේ වරායන් පාවිච්චි කරන්න දුන්නොත්, කොයි පැත්තෙන් හරි ගුටි කන්න වෙනවා – මහින්ද රාජපක්ෂ

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය ඉදිරියට යාම යහපත් නොවන බවත්, එය ඉක්මනින් අවසන් කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

එහිදී ජීවිත බේරා ගැනීමට සිදු කරන ඕනෑම කටයුත්තකට සිය සහයෝගය ලබාදෙන බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව පක්ෂග්‍රාහී නොවිය යුතු බව ද, එහිදී මෙරට වරායන් භාවිත කිරීමට ඉඩ ලබාදීමට කටයුතු කළහොත්, කුමන පැත්තකින් හෝ බලවතුන්ගේ පහරදීම්වලට ලක් වීමට සිදු විය හැකි බව ද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා.

හැකි ඉක්මනින් යුද්ධය අවසන් කරන ලෙසට ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *