සතොස සේවකයන් පිරිසක් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කොට වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 18 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා 06දා නියෝග කළේය.
මේ වනවිට වෙනත් නඩු කටයුත්තක් සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හා මොහොමඩ් සකිර් මොහිදීන් යන අය බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කොට තිබූ අතර දෙවන විත්තිකාර එරාජ් ප්‍රනාන්දු මහතා විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එම විත්තිකරුවන් තිදෙනාට එරෙහිව අල්ලස් පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් එම නඩුව පවරා තිබිණි.