ඉන්දීය සාගරයේ ආපදාවට පත් වූ ඉරාන නාවික නෞකාවක සිටි නාවිකයන් පිරිසක් බේරාගෙන ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සහ රැකවරණය සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණය දේශපාලන භේදයකින් තොරව ඇගයීමට ලක්ව තිබේ.
මෙම මානුෂීය පියවර පිළිබඳව අදහස් දක්වමින් පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ “කරුණාව යනු ශ්‍රී ලංකාවට අනන්‍ය වූ උතුම් ගුණාංගයක්” බවයි. ජාත්‍යන්තර බලපෑම් හමුවේ වුවද, ආපදාවට පත් නාවිකයන්ට රැකවරණය දීමට ජනාධිපතිවරයා ගත් සෘජු තීරණය ශ්‍රී ලංකාවේ මානුෂීය ගුණාංග ලොවටම පසක් කරන්නක් බව හෙතෙම සඳහන් කළේය.
