දුම්රියේ හොරට ගිය මගීන් 161කින් ලක්ෂ 04ක් දඩ අය කර ගනියි – හොරෙන් ගිය වැඩි පිරිස කාන්තාවන්

පෙබ­ර­වාරි මාසයේ කළ වැට­ලී­ම්ව­ලින් දුම්රියේ හොරට ගිය මගීන් 161කගෙන් රුපි­යල් හාර­ලක්ෂ අනූ­හ­ය­දාස් හාර­සිය හැටක දඩ මුද­ලක් රජ­යට අය­කර ගැනී­මට කොටුව දුම්රිය ආර­ක්ෂක නිල­ධා­රීහු සමත් වූහ. මේ වැට­ලීම් පෙබ­ර­වාරි පළ­මු­වැ­නිදා සිට 28දා දක්වා සිදු කර තිබේ.

එහිදී කිසිදු ප්‍රවේ­ශ­ප­ත්‍ර­යක් නොමැ­තිව ගමන් කළ මගීන් විශාල පිරි­සක් සිටි බවත් ඉතා සුළු පිරි­සක් පම­ණක් තුන්වන පන්තියේ ප්‍රවේ­ශ­පත්‍ර ලබා­ගෙන දෙවන පන්තියේ ගමන් කර කොටු­කර ගැනී­මට සමත් වූ බවත් ඒ අතර වැඩි පිරි­සක් කාන්තා­වන් බවත් කොටුව දුම්රිය ආර­ක්ෂක සේවා කාර්ය­භාර නිල­ධාරී ඩී. කුමා­ර­සිංහ මහතා පව­සයි.

දුම්රිය ආර­ක්ෂක අධි­කාරි අනුර ප්‍රේම­රත්න මහ­තාගේ උප­දෙස් මත, කොටුව කාර්ය­භාර නිල­ධාරී ඩී. කුමා­ර­සිංහ මහ­තාගේ අධී­ක්ෂ­ණය යටතේ කාන්තා සැර­යන්(91162) ඒ.ජී. ස්වර්ණ­ලතා මහ­ත්මි­යගේ ප්‍රධා­න­ත්ව­යෙන් දුම්රිය ආර­ක්ෂක නිල­ධා­රීන්ගේ සහාය ඇතිව මේ වැට­ලීම් සිදු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *