සලේ අත්අ­ඩං­ගු­වට ගත්තේ පාස්කු ප්‍රහා­රය දැන සිටි බවට ප්‍රබල සාක්ෂි ලැබුණු නිසයි – මහජන ආරක්ෂක ඇමති

හිටපු බුද්ධි ප්‍රධා­නියා පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධව පූර්ණ දැනු­ව­ත්භා­ව­යක් තිබූ බවට ප්‍රබල සාක්ෂි ලැබීම හේතු­වෙන් අත්අ­ඩං­ගු­වට පත්ව ඇති බව මහ­ජන ආර­ක්ෂක ඇමැති ආනන්ද විජේ­පාල මහතා පැව­සු­වේය.

මහ­ජන ආර­ක්ෂක ඇමැති ආනන්ද විජේ­පාල මහතා ඊයේ (08) මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මේ බව කීවේය. පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් වස­ර­කට ආසන්න කාල­යක් සිදු කළ පරී­ක්ෂ­ණ­ව­ලට අන­තු­රුව ඒ මහතා අත්අ­ඩං­ගු­වට පත් වූ බවත් එම විම­ර්ශන කට­යුතු විනි­වි­ද­භා­ව­යෙන් හා සාධා­ර­ණව සිදු­වෙ­මින් පව­තින බවත් හෙතෙම කීවේය. දැනට සිදු කළ විම­ර්ශන අනුව හිටපු බුද්ධි ප්‍රධා­නියා පාස්කු ප්‍රහා­රය සම්බ­න්ධව පූර්ණ දැනු­ව­ත්භා­ව­යක් තිබූ බවට සාක්ෂි ලැබී ඇති බවත්, ඒ අනුව ඔහු වැර­දි­ක­රු­වෙක් ද නැද්ද යන්න අධි­ක­රණ ක්‍රියා­මාර්ග හරහා තීර­ණය වනු ඇති බවත් ඇමැ­ති­ව­රයා කීවේය.

විප­ක්ෂයේ කණ්ඩා­යම් විවිධ ප්‍රකාශ සිදු කළද විම­ර්ශන සඳහා අවශ්‍ය පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට හා රඳවා ගැනී­මට පොලී­සි­යට හැකි­යාව පව­තින බවත්, මෙහිදී ද සිදුව ඇත්තේ එවැනි කට­යු­ත්තක් බවත් ඒ මහතා වැඩි­දු­ර­ටත් කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *