සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වූ අපරික්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවයනය කිරීමේ වීඩියෝවක් සම්බන්ධව තරුණයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
තරුණයින් දෙදෙනෙකු මාර්ගයේ ගමන් ගන්නා අයෙකුත් වාහනවලට බාධාවන අයුරින් අපරීක්ෂාකාරී ලෙස යතුරුපැදියක් ධාවනය කළ සිදුවීම සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවට අනුව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි.
එහිදී අනාවරණය වී ඇත්තේ එම යතුරුපැදිය ආණමඩුව දෙසට ධාවනය කර ඇති බවය.
ඒ අනුව ඊයේ (08) දින සවස් කාලයේදී නවගත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එම යතුරුපැදිය ධාවනය කළ පැදිකරු අපරික්ෂාකාරී ලෙස හා අන්තරාදායක ලෙස යතුරුපැදිය ධාවනය කර මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට හා යතුරුපැදිකරුවන්ට අනතුරක් සිදුකර සාවද්‍ය මනුෂ්‍ය ඝාතයට තැත් කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇත.
ඒ සමගම ඔහු විසින් පැදවූ යතුරුපැදියද පොලිස් භාරයටද ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු අද (09) දින ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධව නවගත්තේගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරති.