අපි ජීවත් වුණේ,ගෙවල් හදාගත්තේ මේකෙන් – ලංවිම අහෝසිවීම ගැන සේවකයෝ දුක තද කරන් කියයි

දශක ප පහකට වැඩි කාලයක් මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ දැවැන්තයා වූ ලංකා විදුලිබල මණ්ඩලය (CEB) අද දින සිට ක්‍රියාත්මක වන පරිදි නිල වශයෙන් අහෝසි කර ඇති අතර, ඒ වෙනුවට නව රාජ්‍ය සමාගම් හයක් මගින් මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබේ.

2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ ප්‍රතිපාදන අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම ව්‍යුහාත්මක වෙනස ක්‍රියාවට නැංවුණි. මණ්ඩලය අහෝසි වීමත් සමඟ එහි සේවය කළ දහස් සංඛ්‍යාත සේවකයින් පිරිසක් අද දින සිය සේවා ස්ථානවලින් සමුගත්තේ දැඩි සංවේගයෙනි.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සේවකයින්ගේ ප්‍රකාශයන්ට අනුව, ඔවුන් පවසන්නේ මෙය තමන්ට “මළගෙදරකට” සමාන අවස්ථාවක් බවයි.

“අද අපි ආවේ මළගෙදරකට වගේ. හරිම දුකයි. අපි ජීවත් වුණේ, ගෙවල් දොරවල් හදාගත්තේ මේ ආයතනයෙන්. එකපාරටම මෙහෙම වෙයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ,” යනුවෙන් සේවකයින් පිරිසක් අදහස් දක්වා තිබේ.

තවදුරටත් අදහස් දැක්වූ සේවකයින් සඳහන් කළේ මණ්ඩලය අහෝසි වුවද, නව ක්‍රමය යටතේ හෝ රටට සහ ජනතාවට යහපතක් සිදුවනු දැකීම තම ප්‍රාර්ථනය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *