බලශක්තිය සුරකින්න තායිලන්තය සහ වියට්නාමය රජයේ සේවකයින්ට Work from Home වැඩ කරන්න කියයි

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන සැපයුම අඩාල වීම සහ මිල ගණන් ඉහළ යාම හමුවේ, ඉන්ධන පිරිමසා ගැනීම සඳහා හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කරන ලෙස වියට්නාම රජය ද එරට ව්‍යාපාරික ආයතනවලින් සහ සේවකයන්ගෙන් ඉල්ලා සිටියි.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන සැපයුම අඩාල වීමෙන් දැඩි බලපෑමකට ලක් වූ රටවල් අතරට වියට්නාමය ද ඇතුළත් වේ.

 මීට හේතුව වන්නේ වියට්නාමය සිය බලශක්ති අවශ්‍යතා සඳහා මැදපෙරදිග කලාපයෙන් සිදුකරන ආනයන මත දැඩි ලෙස යැපීම බව සඳහන් වේ.

වියට්නාමයේ ප්‍රධාන ඉන්ධන වෙළඳ සමාගමක් වන පෙට්‍රොලිමෙක්ස් (Petrolimex) දත්තවලට අනුව, පසුගිය මස අග සිට මේ දක්වා ඉන්ධන මිල ගණන් පහත පරිදි ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

පෙට්‍රල් –  32% කින්

ඩීසල් –  56% කින්

භූමිතෙල් – 80% කින්

මිල ඉහළ යාම සහ සැපයුම් සීමා වීම හේතුවෙන් අගනුවර වන හැනෝයි හි ඉන්ධන පිරවුම්හල් අසල මෝටර් රථ සහ යතුරුපැදිවල දිගු පෝලිම් අද (10) දියේ දී දක්නට ලැබුණ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *