රනිල් හිරේ හිටියට වඩා දවස් 13න් ගුණයක් අනුරට හිරේ යන්නම වෙනවා – උදය ගම්මන්පිල

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව වත්මන් රජය විසින් ඉදිරියට රැගෙන ගියහොත්, වත්මන් ජනාධිපතිවරයාට හා අගමැතිවරියට වැරදි පූර්වාදර්ශයක් වී එය පාරා වළල්ලක් වනු ඇති බව, පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව, මෙම නඩුව වත්මන් ජනාධිපතිවරයාට ‘විශාල නඩු ගණනක් වැටීමට’ හේතුවක් වනු ඇති බවත් ඔහු කියා සිටියා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරයේ සිටි දින ගණන 13 න් වැඩි කළ විට ලැබෙන්නේ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක රක්ෂිත බන්ධනාගාරයේ සිටින දින ගණන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *