මේ වසරේ සිට 2029 වසර දක්වා, වසරකට ඩොලර් බිලියනය බැගින් ශ්‍රී ලංකාවට ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වී තිබේ.
මැනිලා හී පිහිටි මූලස්ථානයේ දී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය මුණ ගැසුණු අවස්ථාවේ දී ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති “මසාටෝ කන්දා” මේ බව පවසා ඇති බව වාර්තා වේ.
මෙම මුදල ලබා දෙන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය, පෞද්ගලික අංශයේ මෙහෙයවීම මත සිදුවන වර්ධනය, අධ්‍යාපනය, ක-ුසලතා වර්ධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙනි.
ඊට අමතරව, මෙම ණය මුදල් ලබා දීමේ මූලිකම අරමුණ වී ඇත්තේ, ලංකාව ඩිජිටල් ආර්ථිකයකට අග-ුළු ඇරීම සදහා වන මුලපිරීම් වෙනුවෙනි.