කරන්න බැරි නම් පිටකොටුවේ මුදලාලි කෙනෙකුට දීලා ගෙදර යන්න – තිස්ස අත්තනායක

වත්මන් ආණ්ඩුවට පොරොන්දු වූ පරිදි කටයුතු කිරීමට නොහැකි නම්, මෙය ‘පිටකොටුවේ මුදලාලි කෙනෙකුට’ බාර දී ගෙදර ගියා නම්, ඔහු මීට වඩා හොඳින් රට පාලනය කරනු ඇති බව සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක පවසනවා.

මැතිවරණයට පෙර ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ප්‍රකාශ කළේ, ගල්අඟුරු ගෙන්වීම හරහා මහා විශාල මුදල් සම්භාර්යයක් එවකට සිටි මැති ඇමතිවරුන් හොරකම් කරන බවත්, කාංචනගේ සාක්කුවට මුදල් යන බවත් යැයි අද (12) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියා.

තෙල් මිල පාලනය කිරීමට නොහැකි බවත්, තමන් තෙල් නිධිවල අයිතිකාරයෙක් නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රසිද්ධ රැස්වීමකදී ප්‍රකාශ කර ඇති අතර, එසේ වීමට අවශ්‍ය බවට කිසිවෙකුත් ප්‍රකාශ කර නොමැති බවයි ඔහු සඳහන් කළේ.

සිදු කිරීමට අවශ්‍ය වන්නේ සාධාරණ පරිදි කටයුතු කිරීම බවයි සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *