‘NO GAS’ බෝඩ් ගහලා ගෑස් ලොරි 2ක් සඟ­වා­ගෙන සිටි ව්‍යාපා­රි­ක­යාට නීති­මය පිය­වර ගනියි

ගෑස් පැටවූ ලොරි දෙකක් තිබි­ය­දීත් ගෑස් නොමැති බවට දැන්වී­මක් ප්‍රද­ර්ශ­නය කර ගෑස් බෙදා නොහැර සඟ­වා­ගෙන සිටි හාලි­ඇළ ප්‍රදේ­ශයේ ව්‍යාපා­රික ස්ථාන­ය­කට එරෙ­හිව නීති­මය පිය­වර ගත් බදුල්ල දිස්ත්‍රික් පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ ජ්‍යෙෂ්ඨ විම­ර්ශන නිල­ධාරි අමිල රත්නා­යක මහතා පැව­සීය. බදුල්ල දිස්ත්‍රික් පාරි­භෝ­ගික අධි­කාරි කාර්යා­ලය වෙත ලද පැමි­ණි­ල්ලක් මත නිල­ධා­රීන් විසින් පෙරේදා (11) එම ස්ථානය වෙත ගොස් පරීක්ෂා කිරී­මේදී අදාළ ව්‍යාපා­රික ස්ථානයේ ගේට්ටු ඉබි යතුරු දමා වසා තිබී ඇත. NO GAS යනු­වෙන් දැන්වී­මක් ද ප්‍රද­ර්ශ­නය කර තිබුණු බව අමිල රත්නා­යක මහතා සඳ­හන් කළේය.

පාරි­භෝ­ගික කට­යුතු පිළි­බඳ අධි­කා­රියේ නිල­ධා­රීන් එම ව්‍යාපා­රික ස්ථානය විවෘ­ත­කර පරීක්ෂා කිරී­මට පිය­වර ‍ ගෙන ඇත. එහිදී ඒ තුළ ගෑස් පැටවූ ලොරි රථ දෙකක් තිබුණු බව අමිල රත්නා­යක මහතා සඳ­හන් කරයි.

ඒ පිළි­බ­ඳව සිදු කළ ප්‍රශ්න කිරී­ම්ව­ලදි එම ගෑස් තොග බදුල්ල දිස්ත්‍රි­ක්කයේ වෙනත් ප්‍රදේ­ශ­ව­ලට යැවී­මට ඇති තොග බවට එහි කළ­ම­නා­කා­ර­ව­රිය විසින් ජ්‍යෙෂ්ඨ විම­ර්ශන නිල­ධාරි අමිල රත්නා­යක මහ­තාට පවසා තිබේ. ඒ වන විටත් ගෑස් ලබා ගැනී­මට පැමිණි පාරි­භෝ­ගි­ක­යන් රැසක් එම ස්ථානයේ සිට ඇත. ඔවුන් වෙත ලොරි­වල පටවා තිබූ ගෑස් ලබා­දී­මට කට­යුතු කළ බවත් ගෑස් සන්ත­කයේ තබා­ගෙන තොගයේ නොමැති බව පැවසූ ව්‍යාපා­රි­ක­යාට එරෙ­හිව බදුල්ල මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ නඩු පැව­රී­මට කට­යුතු කළ බවත් අමිල රත්නා­යක මහතා වැඩි­දු­ර­ටත් පැව­සීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *