අවුරුදු 3-5 අත​ර දරුවන්ට ඔන්ලයින් පන්ති තහනම් කිරීමට නිර්දේශ කරයි

වයස අවුරුදු 3ත් 5ත් අතර පසුවන ළමුන් සඳහා මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන පන්ති පැවැත්වීම සිදු නොකරන ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ අදාල පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.

සෞඛ්‍ය හා ළමා සංවර්ධන විශේෂඥයින්ගේ මතය වන්නේ, මෙම වයස් කාණ්ඩයේ දරුවන් අධික ලෙස ඉලෙක්ට්‍රොනික තිර (Screen time) ඉදිරියේ කාලය ගත කිරීම ඔවුන්ගේ මනෝ සමාජීය වර්ධනයට දැඩි ලෙස බාධාවක් වන බවයි.

මෙවැනි තත්ත්වයන් මගින් දරුවන්ගේ, සමාජ කුසලතා වර්ධනය අඩාල වීම, අවධානය යොමු කිරීමේ හැකියාව (Attention span) අඩු වීම, මොළයේ සහ ඇස්වල වර්ධනයට ඍණාත්මක බලපෑම් ඇති වීම,

වැනි බරපතල ගැටලු ඇති විය හැකි බවයි එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

මේ නිසා, පෙර පාසල් සහ කුඩා දරුවන් ස්වභාවික පරිසරය සහ ක්‍රියාකාරකම් ඔස්සේ ඉගෙනුම් ක්‍රියාවලියට යොමු කිරීමේ වැදගත්කම විශේෂඥයින් විසින් අවධාරණය කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *