ජේ.ආර්. මැතිවරණ ව්‍යාපාරය සඳහා මොසාඩ් සංවිධානයෙන් ඩොලර් මිලියනයක් ඉල්ලූ බව ඊශ්‍රායල රහසිගත ලේඛන හෙළි කරයි

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා ඊශ්‍රායලයේ ‘මොසාඩ්’ (Mossad) බුද්ධි අංශයෙන් ඇමරිකානු ඩොලර් මිලියනයක මූල්‍ය ආධාර ඉල්ලා ඇති බව අලුතින් ප්‍රසිද්ධියට පත් වූ රහසිගත ලේඛන මඟින් හෙළිදරව් වී තිබේ. ‘The Wire’ පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම තොරතුරු හෙළි වී ඇත්තේ ඊශ්‍රායල රජය විසින් මෑතකදී ප්‍රසිද්ධ කරන ලද රාජ්‍ය ලේඛන මාලාවකිනි.
තමන් බලයේ රැඳී සිටීමෙන් ඊශ්‍රායලයට දිගුකාලීන ප්‍රතිලාභ හිමිවන බව පවසමින්, ජේ.ආර්. ජයවර්ධන මහතා සිය දේශපාලන කටයුතු සඳහා මෙම මූල්‍ය ආධාරය ඉල්ලා ඇති බව රාජ්‍ය තාන්ත්‍රික කේබල් පණිවිඩවල සඳහන් වේ. කෙසේ වෙතත්, එම මුදල අවසානයේ ලබා දුන්නේද යන්න පිළිබඳව එම ලේඛනවල නිශ්චිතව සඳහන් නොවේ.

1980 දශකයේ මැද භාගය වන විට ඊශ්‍රායලය විසින් ශ්‍රී ලංකාවට මුර සංචාරක යාත්‍රා, අවි ආයුධ සහ සන්නිවේදන පද්ධති සපයා ඇත. එමෙන්ම, විශේෂ කාර්ය බලකාය (STF) ඇතුළු ප්‍රභූ පොලිස් ඒකකවලට සහ හමුදාවට ඊශ්‍රායල උපදේශකයින් විසින් පුහුණුව ලබා දී තිබේ.

එවකට පැවති දේශපාලන වාතාවරණය හේතුවෙන් ඇතැම් ඊශ්‍රායල හමුදා උපදේශකයින් මෙරට තුළ ක්‍රියාත්මක වී ඇත්තේ ‘කෘෂිකාර්මික උපදේශකයින්’ ලෙස පෙනී සිටිමින් බව එම ලේඛනවල වැඩිදුරටත් දැක්වේ.

1984 වසරේදී කොළඹ ඊශ්‍රායල සුභසාධක අංශයක් (Israeli Interests Section) පිහිටුවීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇත්තේ උතුරේ පැවති සන්නද්ධ අරගලයට එරෙහිව සහය ලබාගැනීමේ අරමුණින් බව වාර්තාවේ සඳහන් වේ.

Full Report Here —- https://thewire.in/south-asia/declassified-documents-detail-israels-role-at-the-start-of-sri-lankas-civil-war

image 6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *