නීතිය, මේ මොහොතේ ඇතැම් විමර්ශකයන්ගේ පෞද්ගලික ආශාවන්ගේ ග්‍රහණයට පත් වෙමින් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පවසනවා.
අල්ලස් කොමිසම තමාට තර්ජනය කර ප්‍රකාශය ලබාගත් බවට කපිල චන්ද්‍රසේන ඊයේ දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමේ සිදුවීම ගැන අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියා.
විමර්ශකයන් හමුවේ සිදු කරන ප්‍රකාශයක තීරණාත්මක සාක්ෂිමය වටිනාකමක් හෝ නීතිමය වලංගුතාවයක් නොමැති බවයි අද (20) මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ.
පෙර සිටි පුද්ගලයෙකු සියදිවි නසාගත් බවට කරන ප්‍රකාශය සහ බලහත්කාරයට යටත්ව ප්‍රකාශයක් ලබාදීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගැනීමට විමර්ශකයන් බල කර ඇති බවත්, එම මරණය සම්බන්ධයෙන් ද වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.